කැමරූන් ක්‍රීඩා බලධාරීන් විසින් සනාථ කර ඇති මෙම සිද්ධිය, ‘අත්හැර යාමක්’ (desertion) ලෙස නම් කර තිබේ.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ බර උසුලන ක්‍රීඩකයන් තිදෙනෙකු හා බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකි.
ඔවුන් අවසන් වරට දැක තිබුණේ සඳුදා හා අඟහරුවාදා දිනවලය.
මෙම ක්‍රීඩයකයන් ගෙන් ඇතැමුන් තරග සඳහා ද සහභාගී නොවීම සම්බන්ධෙයන් බලධාරීන් සිය කළකිරීම පළ කර තිබේ.
කෙසේවෙතත්, ඔවුන්ට මැයි 15 තෙක් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට වීසා අවසර තිබේ.
මේ සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය පවසා තිබුණේ ඔවුන් මෙම තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් පසුවන නමුත්, ස්වාධීනව සංචාරය කිරීමට ක්‍රීඩක ක්‍රීඩකාවන් හට අයිතියක් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියද දැනුවත් කර ඇත.
වසර 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගී වූ කැමරූන් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රීඩකයන් සත්දෙනෙකු ද අතුරුදහන් විය.
මේ දින වල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එක්වූ කැමරූන් රාජ්‍යයේ ක්‍රීඩකයන් පස්දෙනෙකු අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362