Sathosa

Apr 13, 2018

බොක්සිං වලින් ලංකාවට තවත් ලෝකඩ පදක්කම් 2ක්

21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද දිනයේදී දෙවන පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි විය.

එම පදක්කම හිමි වූයේ බොක්සිං කිලෝග්‍රෑම් 52 පිරිමි අවසන් පූර්ව තරගයට එක්වූ ඉෂාන් බණ්ඩාරට යි.

මෙම තරගයෙන් ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලන්කි හමුවේ ඉෂාන් පරාජය වූ අතර තරගාවලියේ රීතිවලට අනුව ඉෂාන්ට ලෝකඩ පදක්කම හිමි විය.

ඒ, අවසන් පූර්ව වටයට ලෝකඩ පදක්කම සඳහා වෙනම තරගයක් නොපැවැත්වෙන අතර එම පදක්කම අවසන් පූර්ව වටයේ තරග දෙකෙන් ඉවත් වන ක්‍රීඩකයින්ට හිමි වීම හේතුවෙනි.

අද උදෑසන පැවති කිලෝග්‍රෑම් 46 -49 බර පන්තියේ බොක්සිං තරගයෙන් තිවංක රණසිංහ ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වෙන් හිමිවූ තුන්වන පදක්කම මෙයයි.

(නිවුස් ෆස්ට්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top