Sathosa

Apr 17, 2018

නම් කළ පහ ආසියානු කායවර්ධන තරගාවලියට යවයි ?  

පනස් දෙවැනි ආසියා කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 05 දෙනෙකු සහභාගි කරවීමට ජාතික කායවර්ධන සංගමය සැලසුම් කර තිබේ.
 
මේ තරගාවලියට රටවල් 30කට වැඩි ප්‍රමාණයක ක්‍රීඩකයින් සහභාගි වේ.

ඔවුන් බර පංති කිහිපයක් යටතේ තරග වැදීමට නියමිතය.
 
මොන්ගෝලියාවේදී ලබන 26 වැනිදා තරගාවලිය ආරම්භ වේ.
 
නම් කළ ක්‍රීඩකයින්ට විරෝධයක් එල්ල වීම හේතුවෙන් පසුගිය වසරේ ආසියා කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙකු සහභාගී නොවුණි.
 
මෙවර තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින්ට ද ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මෙතෙක් අනුමැතිය හිමිව නොමැති බවද පැවසේ.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top