අදාළ නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඇතැම් විට ඔහු අත්අඩංගුවට පත්වීමටද ඉඩ ඇති බව පැවසේ.
පොලිසිය කළ පුළුල් පරීක්ෂණයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රභාත්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු දැනුවත්ව මේ දූෂිත ගනුදෙනු සිදුවූ බවට හෙළිව ඇති බවද වාර්තා වේ.
මේ අතර, අදාළ නිලධාරියා මෙම මූල්‍ය චෝදනාවට කොටුකිරීම පිටුපස පාපන්දු සම්මේලනයේ බලය පිළිබඳ පැරණි කෝන්තරයක් ඇති බවටද පාපන්දු කේෂත්රයේ රාවයක් පවතී.
කෙසේවුවද, මේ පරීක්ෂණවලින් තවත් පාපන්දු ලොක්කන් පිළිබඳ තොරතුරු හෙළිවනු ඇති බවට ද සැකයක් පවතී.