තිසර, ඒ සඳහා ක්‍රීඩා කිරීම මේවන විට සනාථ කර ඇති බවද අයි.සී.සී. ය කියා සිටී.
එම තරගයේ නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ එංගලන්ත නායක ඉඔයින් මෝගන්ය.
තිසර මීට පෙර ද පාකිස්තානයට එරෙහි පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගයට ලෝක ක්‍රිකට් පිල නියෝජනය කළේය.
ලෝක ක්‍රිකට් පිලට මීට අමතරව පාකිස්තානු හිටපු සුපිරි ක්‍රීඩක සහීඩ් ඇෆ්රීඩි හා ෂොයිබ් මලික්ද නම් කර තිබීම විශේෂිතය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එර්මා හා මරියානා සුළි කුණාටුවෙන් හානි වූ කැරීබියානු ක්‍රිකට් ක්‍රීඩාංගන ප්‍රතිසංස්කරණය හා නැවත ගොඩ නැගීම සඳහා අරමුදල් රැස් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් මේ තරගය සංවිධානය කර තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් පිල හා ලෝක ක්‍රිකට් පිල අතර ලබන මැයි 31 වැනිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ලෝක ක්‍රිකට් පිලට තිසර පෙරේරා නම් කර තිබේ.
Last modified on Saturday, 21 April 2018 08:46
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362