මෙම නිලවරණය වසර දෙකකට වරක් පැවැත්වෙන්නකි.
මැච් පැරදුනාට කල්ල මරේ !
ශ්‍රී ලංකාවේ අවසන් වරට පැවැති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තරග පැරදුනද රුපියල් ලක්ෂ 9000ක ශුද්ධ ලාභයක් ඉපැයූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩකටයුතු නව වසර වෙනුවෙන් ආරම්භ කිරීමට මත්තෙන් ක්‍රිකට් ආයතනයේ සේවකයන් අමතමින් ඔහු මේ බව පවසා තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
“නිදහස් කුසලානයක් තිබුණේ නෑ. අපි නිදහස් කුසලානයක් හැදුවා. අපට ඉලක්කයක් තිබුණා. බිලියන 1.3ක ආදායමක් උපයන්න. ලංකාවේ ඉතිහාසයේ එච්චර ලොකු ආදායමක් ලබාගෙන තිබුණෙ නෑ.
අපි ඒ තරගාවලියේ ටී.වී. හිමිකම් විකුණා තිබුණේ පන්දුවාරයක් ගත්තොත් ඩොලර් 4000කට. අපි නිදහස් කුසලානයෙන් එක් පන්දුවාරයකින් හෙව්වා ඩොලර් 27000ක්. නිදහස් කුසලානයෙන් පමණක් ලක්ෂ 9000ක පමණ ශුද්ධ ලාභයක් හෙව්වා. ඉතිහාසයේ කවදාවත් අපි එච්චර ලස්සන තරගාවලියක් දැකලා තිබුණේ නෑ."
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 19 වන දා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (20) පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.
Last modified on Sunday, 22 April 2018 19:41
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362