කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ දැනට සිටින පිරිසක් හා වත්මන් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් කළ කිරුණු පිරිසක් අලුත් පෙරමුණකින් මැතිවරණයට තරග කිරීමට සූදානම්වන බව වාර්තා වේ.
එම පෙරමුණට රණතුංග සොයුරන්ගේ සහයක් නොවන බවද පැවසේ.
තිලංගගේ දකුණ පෙරළුවේ පෙරමුණයි !
අදාළ පෙරමුණේ සූක්ෂම වැඩපිළිවෙලක් යටතේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධූරයට වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට පක්ෂ නොවන අයකු පත්කර ගැනීමට අද (21) පෙරවරුවේ පැවැති නිලවරණයේදී කටයුතු යොදා තිබේ.
තිලංග පාර්ශවයෙන් සභාපති ධූරයට ආ ක්‍රිකට් ආයතනයේ දැනට විධායක සභිකයකු ලෙස සිටින ජයන්ත ජයවීර මහතා මේ අනුව ඉන් ඉවතට විසිවී ගොස් ඇත.
මෙතෙක් ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිධූරයට පත්වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ අයෙක් වූ අතර මෙවර එහි සභාපති ධූරයට පත්ව ඇත්තේ අම්මබලන්ගොඩින් පැමිණි අයෙකි.
මෙසේ එහි සභාපති තැන දිනාගෙන ඇත්තේ දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ මහා සභා රැස්වීමට එරෙහිව අධිකරණයට පවා යාමට කටයුතු කළ ඝාතනයට ලක්වූ ප්‍රේමසිරි හැලඹගේ මහතාගේ සොයුරු ලලිත් හැලඹගේ මහතාය.
ප්‍රේමසිරි මහතා විසින් ගොනුකරන ලද නඩුවක් හේතුවෙන් දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණය මෙතෙක් පැවැත්වීමට නොහැකිවී තිබේ.
ප්‍රේමසිරිට මොකද වුණේ ?
ප්‍රේමසිරි මහතා ගාල්ල පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට පත්වූයේ ගැටලුකාරී තත්ත්වයක් මධ්‍යයේ පැවැති නිලවරණයකදී වන අතර එම නිලවරණය පිළිනොගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය නැවත පවත්වන ලෙස ලිපියක් මගින් දැනුම් දී තිබිණි.
එම තීරණයට එරෙහිව අධිකරණය හමුවට ගිය ප්‍රේමසිරි හැළඹගේ මහතා ගාලු පළාත් ක්‍රිකට් සංගම් නිලවරණය යළි පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් ලබා ගැනීමට සමත්විය.
එම වාරණ නියෝගය ලබා දී දින තුනකට පසුව හැළඹගේ මහතා අම්බලන්ගොඩ මානිමුල්ල ප්‍රදේශයේදි ඝාතනයට ලක් විය.