තමාට හා ෂොයිබ් ට දරුවෙක් ලැබීමට නියමිත බව සානියා විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැනුම් දී තිබුණේ මෙසේය.
මේ අතර, ඉන්දියාවේ PTI පුවත් සේවයට අදහස් දක්වමින් මර්සා ගේ පුහුණුකරු හා පියා වන ඉම්රාන් මේ බව සනාථ කර තිබේ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ දරු උපත මෙම ඔක්තෝබරයේදී සිදුවන බවයි.
මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සයක් දිනාගෙන ඇති මිර්සා, ඉන්දියාවේ දැවැන්තම ක්‍රීඩා තරුවක් වේ. දරු උපතින් පසුව ඇය යළිත් ක්‍රීඩාවට යොමුවන්නේ ද නැද්ද පිළිබඳව තවමත් ඇය පවසා නොමැත.
මේ අතර, පසුගියදා පැවති 'Goa Fest 2018' උත්සවයේදී අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ ඔවුන් ගේ දරුවා ගේ පෙළපත් නම මලික් පමණක් නොවන බවයි. තමාගේ හා ෂොයිබ් ගේ නම් දෙකම එක් කරමින් දරුවා ගේ පෙළපත් නාමය මිර්සා-මලික් වනු ඇති බවද ඇය සඳහන් කරයි. තවද, සිය සැමියා වඩාත් මනාප දියණියකට බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.
තිස් හය හැවිරිදි මලික් 2001 - 2015 දක්වා පකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, 2015දී ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන්නේය.
ඔහු හා මිර්සා 2010 අප්‍රේල් මාසයේදී යුගදිවියට ඇතුළු විය.
දකුණු ආසියාවේ දැවැන්තම ක්‍රීඩා තරු යුවළක් වන ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා හා පකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ෂොයිබ් මලික් ඉදිරියේදී දරු සුරතල් බැලීමට නියමිත බව වාර්තා වේ.
Last modified on Wednesday, 25 April 2018 17:27
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362