පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මේ ඉල්ලීම කර තිබේ.
වසර 2019 දී පැවැත්වීම නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කිරීමට නියමිත විශේෂ වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස වසීම් අක්රම්ගේ ප්‍රධානත්වයෙන් මෙරටදී වැඩමුළුවක් පැවැත්විණි.
වසීම් ලංකාවට පැමිණි අවස්ථවේදී ඔහු මෙරටින් ඉඩමක් මිළට ගැනීමට කැමති බව පවසා ඇත.
එය බොහෝ කලක සිට තම සිතේ පැවති අදහසක් බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
විදේශිකයන්ට මෙහි ඉඩම් මිලදී ගැනීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සකස් කළහොත් මෙරටින් ඉඩමක් මිලදී ගෙන නිවසක් තැනීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.