මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පැවසුවේ ක්‍රිකට් ආයතනයේ මේ දුෂණ වංචාවලට අදාළ ලිපිගොනු රැසක්ද අල්ලස් කොමිසමට බාරදුන් බවයි.
දුෂණ වංචා සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ට , හිටපු නිලධාරීන්ට මෙන්ම හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට ද චෝදනා එල්ල වී තිබෙන බව කී රාමනායක මහතා දුෂණ වංචා ලිපි ගොනු අද හෙටම රහස් පොලිසියට හා මූල්‍ය අපරාධ කොට්ඨාසයටද බාරදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
මේ පැමිණිල්ලේ චෝදනා පරීක්ෂා කර බලා විමර්ශන පැවැත්වීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් කීය.
(lankadeepa.lk)