Sathosa

Apr 28, 2018

ෆයිසර්ගේ කමිටුව ICC ය පිළි නොගනියි ?

අහේතුකව හිටි හැටියේ නිලවරණයෙන් පත්ව කාලය ඉක්මයාමට ඔන්න මෙන්න තිබූ සභාපති ඇතුළු විධායක කමිටුව ක්‍රිකට් අතුරු කමිටුවක් ලෙස වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පත් කිරීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාව (ICC) ට විරෝධතාවයක් ගොනු කිරීමට ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීමට සූදානම්ව සිටි පිරිසක් සැරසෙන බව වාර්තා වේ.

එසේම, ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ කමිටුව අතුරු කමිටුවක් ලෙස හැඳින්වීමට ද හැකියාවක් නොවන බවයි.

ඔවුන් පවසන්නේ එය ලබන මැයි 31 වැනිදායින් අවසන්වීමට තිබූ වත්මන් පරිපාලනයේ කාලය දීර්ඝ කිරීමක් බවයි.

අතුරු කමිටු පත් කිරීමේදී පවතින පරිපාලනයේ අය යොදාගත් මෙය විශේෂ අතුරුකමිටුවක් බවද පැවසේ.

කෙසේවුවද, අතුරු පාලන කමිටු පත් කිරීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් හි අයි.සී.සී. සාමාජිකත්වය අහෝසිවී යාමට ඉඩ ඇති බව මීට පෙර නියෝජ්‍ය කතානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් දිගටම සභාපති තිලංග සුමතිපාල මහතා මාධ්‍යට පවසා තිබිණි.

තිලංගගේ ලියුමත් අවුලක් !

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට අතුරු කමිටුවක්‌ පත්කිරීමට කිසි සේත් කටයුතු නොකරන ලෙස ඉල්ලා තිලංග සුමතිපාල මහතාට පක්‍ෂපාති ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සියයකට ආසන්න සංඛ්‍යාවක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට ලිපියක්‌ යොමුකර ඇති බව “දිවයින” පවුත්පත පසුගියදා වාර්තා කර තිබිණි.

එයද ගැටලුවක් විය හැකි බව ක්‍රිකට් ප්‍රවීනයෝ කියති.

මම ඉවත්කරන තුරු අතුරු කමිටු නෑ - දයාසිරි

තමන් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තනතුර දරන තාක් කල් ක්‍රිකට්වලට පමණක් නොව කිසිදු ක්‍රීඩාවක පරිපාලනය සඳහා අතුරු පාලක කමිටු පත්නොකරන බවත්, එසේ අතුරු පාලක කමිටු පත් කිරීමට අවශ්‍ය නම් තමාද ක්‍රීඩා ඇමැති තනතුරෙන් ඉවත් කොට එවන් අතුරු පාලක කමිටු පත්කර ගන්නා ලෙසත් දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරය දරන කාලයේ පවසා තිබිණි.

ජයසේකර මහාතා මේ බව කියා සිටියේ ක්‍රිකට් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැති වැඩමුළුවකට සහභාගි වෙමිනි.

වරක් ඔහු බීබීසී සන්දේශයට ඔහු පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටීමට ප්‍රධානම හේතුව අර්ජුන රණතුංග අමාත්‍යවරයාද වරක් සභාපති පදවිය හෙබැවූ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top