ලසිත් මාලිංග නම් කර ඇත්තේ අන්තර් සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමටය.
මේවන විට ලසිත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින අතර ඔහු මේ වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමගත ක්‍රීඩකයන් අතරට ද එක්ව නොතිබිණි.
එබැවින් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයක් ලබා නොගෙනය.
ඉදිරි තේරීම් සදහා සළකා බැලීමට නම් දේශීය එක්දින ක්‍රිකට් තරගාවලියට මාලිංග අනිවාර්යයෙන්ම ක්‍රීඩා කළ යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන බව වාර්තා වේ.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අප ක්‍රිකට් ප්‍රවීනයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වත්මන් ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩකයන්ගෙන් පළිගන්නා බව පෙන්වීමට මෙය කදිම නිදසුනක් බවයි.
මේ තරගාවලිය අද (02) ආරම්භ වූ අතර අදාළ ප්‍රකාශය කිරීමට තරගාවලිය ආසන්නයට වන තෙක්ම බලා සිටීමෙන් මාලිංග ගෙන්වා ගැනීමට වඩා ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදීම ක්‍රිකට් බලධාරීගේ අදහස බව පෙනී යන්නේ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට ලසිත් මාලිංග එක්වූයේ නැත්නම් ඉදිරි තේරීම් කටයුතු සදහා සළකා බැලීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබේ.
Last modified on Thursday, 03 May 2018 09:16
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362