Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 12, 2016

“ක්‍රිකට් රෙඩ් කාඩ් : මගේ සංකල්පයක්” Featured

ක්‍රිකට් ක්‍රීඩාවට රෙඩ් කාඩ් පත් හඳුන්වාදීමේ අදහස මුලින්ම ගෙන ආවේ තමා බව දෙමළ සංගම් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ දුෂාන් සෝසා පවසයි.

ඩේලි නිවුස් පුවත්පත හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබුණි.

ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි විසින් පත් කරන ලද තාක්ෂණික කමිටු සාමාජිකයෙකු සෝසා මහතා පසුගිය වසරේදී කටයුතු කළ අතර, හිටපු ශ්‍රී ලංකා නායකයන් මහේල ජයවර්ධන හා මයිකල් තිසේරා ද මෙහි සාමාජිකයන් විය.

ඩේලි නිවුස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණේ මෙසේය :

"පාසල් ක්‍රීඩා තුළදී හැසිරීම් ගැටළු උත්සන්න වීමත් සමග ඊට විසඳුමක් ලබා දීමට සිදත් මගෙන් ඉල්ලා සිටියා. මම 'සෝසා පේපර්ස්’ නමින් පාසල් ක්‍රිකට් සඳහා ආචර්යධර්ම පද්ධතියක් යෝජනා කර එය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉදිරිපත් කළා,” යැයි සෝසා මහතා පැවසීය.

“මෙම ආචාර්යධර්ම උල්ලංඝන කරනු ලැබූ අවස්ථා වලදී පාපන්දු සහ රග්බි ක්‍රීඩා වලදී මෙන් රතු, කහ, සහ අනෙකුත් වර්ණ වල කාඩ් ක්‍රමයක් භාවිතා කරන අයුරු ඉන්පසුව පැවති සාකච්ඡා වට වලදී මම විස්තර කළා. ඊට අමතරව, ආචාර්යධර්ම පිළිපැදීම අතින් ඉහළින්ම සිටි පාසැල් ත්‍රිත්වයට සම්මානයක් ලබාදීමටත් යෝජනා කර තිබුණා. පාසැල් ක්‍රිකට් පරිපාලකයන් සඳහා මෙය සිංහල භාෂාවට ද පරිවර්තනය කෙරුණා.”

“මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් හි මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස එවකට කටයුතු කළ කාල්ටන් බර්නාඩස් (Bernadus) ඩුබායි හි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සම්බන්ධ වෙමින් මෙම පද්ධතිය පාසල් ක්‍රිකට් තුළ ක්‍රියාත්මක කිරීමට අවසර ඉල්ලා සිටියා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මේ සඳහා අවසර ද ලැබුණ අතර, ICC එලයිට් පැනලයේ හිටපු විනිසුරු සයිමන් ටෝෆල් මෙයට අදහස් ද යෝජනා කර තිබුණා.”

“ICC කොළ එළියත් සමග මෙම පද්ධතිය යටතේ සඳහන් වල වැරදි මට්ටම් (මට්ටම් 1, 2, 3 ආදී) තීරණය කිරීමට සියළු පාර්ශව වල වල සහභාගීත්වයෙන් වැඩමුළුවක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.”

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් වීමත් සමග මෙම වැඩමුළුව නොපැවැත්වුණු අතර, 'සෝසා පේපර්ස්’ මේ වන විට පසෙකලා තිබේ.

ක්‍රිකට් පිටිය තුළ නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව රතු කාඩ්පත් භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමට මාලිබෝන් ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුව පසුගියදා නිර්දේශ කර තිබුණි.

(ඩේලි නිවුස් ඇසුරෙනි)

සබැඳි පුවත් :

ක්‍රිකට් පිටියටත් රෙඩ් කාඩ්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top