May 03, 2018

ලංකාවේ ක්‍රිකට් ඇෆ්ගනිස්ථානයටත් වඩා පහලට වැටිලා !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නවතම ICC ශ්‍රේණිගත කිරීම් අනුව පන්දුවාර විස්සයි - 20 ශ්‍රේණිගත කිරීම්වල  09 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස තිබේ.

ඇෆ්ගන්ස්ථානය ද එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටීම විශේෂිතය.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 85ක් ලබා 09 වැනි ස්ථානයේ පසුවෙද්දී ඇෆ්ගන්ස්ථානය ලකුණු 87ක් ලබා ගනිමින් එහි 08 වැනි ස්ථානයේ පසුවේ.

පකිස්තානය ලකුණු 130ක් ලබා ලයිස්තුවේ මුල් තැන දිනා ගැනීමට සමත්ව තිබේ.

කෙසේවුවද, මේවන විට ශ්‍රී ලංකා කාන්තා පිල ද ශ්‍රේණිගත කිරීම් අනුව 08 වැනි ස්ථානයේ පසුවේ.

ck1

CK2

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top