Dec 13, 2016

2016 බැලන් දෝර් ජය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට

වසර 2016 බැලන් දෝර් සම්මානය මෙවර හිමිකර ගැනීමට රියල් මැඩ්රිඩ් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබේ.

මේ ඔහු මෙම සම්මානය දිනාගත් සිවුවැනි වතාවයි.

සිවුවැනි වරටත් බැලන් දෝර් සම්මානය දිනාගැනීමට සමත්වීම විශාල ගෞරවයක් හා සතුටක් බවත්, එය කිසිදා නොසිතූවක් බවත් රොනාල්ඩෝ පවසා තිබේ.

මේ වන විට පස්වතාවක් බැලන් දෝර් සම්මානය දිනාගත් ලයනල් මෙසී මෙවර දෙවැනි ස්ථානයේ පසුවීය.

වසර 2016දී රියල් මැඩ්රිඩ් හා ජාතික කණ්ඩායම වෙනුවෙන් රොනාල්ඩෝ, තරග 52කදී ගෝල 48ක් වාර්තා කර තිබුණි.

මීට කලින් රොනාල්ඩෝ ට බැලන් දෝර් සම්මානය හිමිවූයේ 2014දී ය. එම වසරේදී එය වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට හිමිවන ෆීෆා සම්මානය හා එක්ව ප්‍රදානය කෙරුණි.

කෙසේවෙතත්, ජගත් පාපන්දු සම්මේලනය (ෆීෆා)හා එක් නොවී මෙවර සම්මානය ලබාදී තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top