තරඟාවලිය අවසන් වී ඉමදුව පිහිටි තම නිවස බලා පැමිණි ඔහු මෙසේ පිළිගනු ලැබුවේ ප්‍ර දේශවාසීන් විසිනි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමේ සිට ඔහුගේ නිවස දක්වා පැවති මෙම පිළිගැනීමේ උත්සවය සදහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.
ගාල්ල මහින්ද විදුහලේ සිසුවෙකු වන තරිඳු දසුන්, උස පැනීමේ ඉසව්වෙන් ලබා ගත් මෙම රන් පදක්කම මෙවර තරඟාවලියේ ශ්‍රීලංකාව ලබා ගත් පලමු රන් පදක්කම වන අතර ඔහුගේ දක්ෂතාවය මීටර් 2.04 ලෙස සටන් වී තිබිණි.
ඡායාරූපවලින් දැක්වෙන්නේ එම අවස්ථාවයි.
(සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ - ගාල්ල වාර්තාකරු)
තෙවන දකුණු ආසියාණු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම පදක්කම දිනා දුන් තරිදු දසුන් පිලිගැනීමේ උත්සවයක් පසුගිය 07 දා ගාල්ල ඉමදුව දී පැවැත්විණි.
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362