මෙසේ වැටුප් ගෙවූ පිරිස අතර පුහුණුකරුවන් 17 දෙනකු සිටීමද විශේෂිතය.
එතරම් පුහුණුකරුවන් පිරිසක් සිටියද, ශ්‍රී ලංකාව මැත වකවානුවේ වැඩිම තරග ප්‍රමාණයක් පරාජය වූ වසර ලෙස සැලැකෙන්නේ 2016/2017 වසර වේ.
එසේම ඉදිරි ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයට හෝ පැමිණෙතැයි අපේක්ෂා තැබිය නොහැකි කණ්ඩායම් අතර පෙරමුණේම සිටින රට බවට පත්ව ඇත්තේ ද ශ්‍රී ලංකාව බව විචාරක මතය වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතරම් විශාල වැටුප් බරක් දරනු ලබන්නේ අති විශාල ණය කන්දක් හා පාඩු ලබන ආයතනයක් බවට පත්වෙමින් වීම ද විශේෂිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, පුහුණුකරුවන් සහ සේවකයන් වෙනුවෙන් 2016 දී රුපියල් තිස්නව කෝටි විසිතුන් ලක්ෂ පනස් නව දහස් දෙසිය දහනවයක් (392,359,219/-) වියදම් කර ඇතැයි වාර්තා වේ.
Last modified on Friday, 11 May 2018 12:31
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362