May 18, 2018

ඕස්ට්‍රේලියාවේ ‘නැති වූ’ ක්‍රීඩකයන් හොයන්න යයි

පසුගියදා ඕස්ට්‍රේලියාවේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගී වී සිටින අතරතුර අතුරුදහන් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ වීසා බලපත්‍ර කාල සීමාව මේ වන විට අවසන් වී ඇතැයි වාර්තා වේ.

තරගාවලිය අතරතුරදී මුලින්ම අතුරුදහන් වූයේ කැමරූන් රාජ්‍ය කණ්ඩායමේ 08 දෙනෙකි.  කෙසේ වෙතත්, අතුරුදහන් වී ඇති පිරිස 20-100ක් අතර වන බව මේ වන විට ඇස්තමේන්තු කර තිබේ.

මොවුන් අතර, අප්‍රිකානු රටවල් කිහිපයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් හා කණ්ඩායම් නිලධාරීන් සිටින බවට පැවසේ.

වීසා බලපත්‍ර කාල සීමාව අවසන් වීම හේතුවෙන් මොවුන් හසු වුවහොත් පිටුවහල් කිරීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කරයි.

කෙසේවෙතත්, මොවුන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට උත්සහයක නිරත වුවහොත් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ තවදුරටත් රැඳීමට අවස්ථාව හිමිවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top