May 20, 2018

ආසියාවේ කළු සිංහයා 2වැනි තැනට (ඡායා)

ඔස්ට්‍රියාවේ වියානා හි පැවැති 09 වැනි ඔස්ට්‍රියානු ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියට එක්වූ  ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඔහු සහභාගිවූ ඉසව්වේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ඔහුට සහය දැක්වීමට ඔස්ට්‍රියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 100කට අධික ප්‍රමාණයක් සහභාගිවී සිටි අතර එහි වෙසෙන ශ්‍රී ලංකා තානාපතිනී එච්.ඊ. ප්‍රියානි විජේසේකර මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියාය.

ලූෂන් පුෂ්පරාජ්ගේ අනුග්‍රාහකයා වන රියෝ කොකෝ අධිපති සුසන්ත ශාන් සිසිල්චන්ද්‍ර මහතා ද වියානා වෙත ගොස් ඔහුට විශාල සහයක් දුන් බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Lucian 2nd 1

Lucian 2nd 2

Lucian 2nd 3

Lucian 2nd 4

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top