ඉන් එක් විරෝධතාවක් බාරදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා විසින් වන අතර අනෙක් විරෝධතාව ගොනුකර ඇත්තේ ජයන්ත ධර්මදාස විසිනි.
නිශාන්ත ගොනුකළ විරෝධතාව පිටු 1,500ක එකක් බවද පැවසේ.
කෙසේවුවද, පසුගිය නිලවරණයේදී තිලංග හා ජයන්ත තරගකරනු ලැබුවේ එකම පාර්ශවයකින් වන පසුව ජයන්ත මහතා තිලංග සමඟ කටයුතු කළ නොහැකි බව දන්වමින් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉවත්ව ගියේය.
ජයන්ත හා තිලංග අතර කලක පටන් අමනාපයක් තිබුණද නිලවරණයකදී තිලංගට එරෙහිව ජයන්ත විසින්ම විරෝධතාවයක් ගොනුකළ පළමු අවස්ථාව මෙය වේ.
ක්‍රිකට් නිලවරණ කමිටුව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වේ.
ඒ අනුව රසික වයි වීරතුංග, කොමදෝරු සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක, එච්.ඩී.ජූඩ් පෙරේරා හා දේවගිරි බණ්ඩාර යන මහත්වරුන් ඊට ඇතුලත් ය.
28 ට නඩුවක් !
විරෝධතා ඉදිරිපත් කිරීම ඊයේ (22) පස්වරු 3.00 න් අවසන් වූ අතර එම විරෝධතාවලට පිළිතුරු ලබා දීම වෙනුවෙන් මැයි 25 වැනිදා වෙන්කර තිබේ.
කෙසේවුවද, අදාළ විරෝධතා සම්බන්ධයෙන් මැයි 28 වැනිදා තීන්දු ලබාදීමට නියමිතය.
නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 31 වැනිදාය.
තීන්දු ප්‍රකාශ කිරීමට නියමිත මැයි 28 වැනිදා සඳුදා දිනයක් වන අතර මැයි 29 වැනිදාට පොසොන් පොහොය යෙදී තිබේ. ඒ අනුව විරෝධතා සඳහා අධිකරණ පියවරක් ගැනීමට වෙන්ව ඇත්තේ එක් දිනක් (මැයි 30) බැවින් ඊට විරෝධය දක්වා පිරිසක් නඩු මඟට බැසීමට සැරසෙන බවද ක්‍රිකට් කේෂත්ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සබැඳි පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්දය නඩුවකින් කෙළවර වෙයි ?
ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපති ධූරයට නාමයෝජනා භාරදී ඇති තිලංග සුමතිපාල මහතාට එරෙහිව විරෝධතා දෙකක් ඊයේ (22) ක්‍රිකට් නිලවරණ කමිටුවට භාරදී තිබේ.
Last modified on Wednesday, 23 May 2018 19:58
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362