Sathosa

May 24, 2018

ඩි විලියර්ස් ජගත් ක්‍රිකට් පිටියට සමුදෙයි (වීඩියෝ)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ඒ.බී ඩි විලියර්ස් ජගත් ක්‍රිකට් පිටියට සමුදෙන බව සඳහන් කරයි.

වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට වෙහෙසට පත්ව සිටින තමාට ක්‍රීඩාවට සමුදීමට කාලය එළැඹ ඇති බව ඔහු සඳහන් කරයි.

වසර 14කට ඉහතදී කඩුලු රකින පිතිකරුවකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ඩි විලියර්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114කට එක්දින ජාත්‍යන්තර තරග 228කට හා විස්සයි-20 තරග 78කට ක්‍රීඩා කර තිබේ.

පිටයේදී ඉතා මනරම් පිතිකරණ රටාවක් විදහා දක්වන ඩි විලියර්ස්, ඉතා නිහතමානි ක්‍රිකට් තරුවක් ලෙස ද ජනප්‍රියය.

ඔහුගේ වීඩියෝව පහත දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top