හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත් වීමෙන් ජාතික මලල ක්‍රීඩා සංචිතයට ක්‍රීඩා අරමුදලින් ලබා දුන් මාසික දීමනාව අප්‍රේල් මස සිට අත් හිටුවා ඇත.
පසුගිය වසරේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, පදක්කම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මේවනවිට එම මුල්‍ය ආධාර ලබා දෙන බව වාර්තා වුව ද සංචිතයේ සිටි සෙසු ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට මාර්තු මාසයෙන් පසුව එම ආධාරය ලැබී නැත
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් හා පෝෂණ අවශ්‍යතා සලකා බලා, ක්‍රීඩා අමාත්‍යංශයේ සෘජු මැදිහත් වීමෙන් මෙම මුදල් ලබා දුන්න ද ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවූ පරිපාලන වෙනස් කම් වලින් පසුව ඉහත දීමනා නවතා දමා තිබේ.
පසුගිය වසරේ අගෝස්තු මස සිට සංචිත ගත කළ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ඉහත ආධාරය ලැබී තිබේ.
මලල ක්‍රීඩා සංගමය හරහා ලබා නොදී සෘජුවම ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉහත මුදල් ආධාර ලබා දීමට කටයුතු කළේ පාරදෘශ්‍යභාවයෙන් යුතුව එම කටයුතු සිදු වීමේ අවශ්‍යතාවක් හඳුනාගැනීම හේතුවෙනි.
නමුත්, මේ වනවිට එම ප්රතිපත්ථිය වෙනස් වී තිබේ දැයි සැක පළවේ.
මලල ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා අරමුදලින් වෙන්කළ මුදල, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හරහා ලබා දීමේ සූදනමක් සම්බන්ධයෙන් ද වාර්තා වන අතර එසේ වුවහොත් ක්‍රීඩක ක්රීඩිකවන්ගේ දක්ෂතා කෙසේ වෙතත්, හිතවත්කම් මත සංචිත පිහිටුවනු ඇති බවට ද සැක මතුවේ.
මලල ක්‍රීඩා කණ්ඩායම සංචිත ගත කිරීම හා එම සංචිතයට ලබා දුන් ප්‍රතිපාධන හේතුවෙන් පැහැදිලි සංවර්ධනයක් දැක ගත හැකි වීම නොරහසක් වුවද , ආසියානු ක්‍රීඩා උළෙලට මාස දෙකක් පමණක් තිබිය දී, කිසිදු පෙර දැනුම් දීමක් හෝ සාධාරණ කරුණක් ඉදිරිපත් නොකර මෙසේ ප්‍රතිපාදන නැවැත්වීම හේතුවෙන් බහුතරයක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන්ද කනස්සල්ලෙන් පසුවන බව ද වාර්තා වේ.
ජාතික මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් වෙනුවෙන් ලබා දුන් මූල්‍යමය ආධාර නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
Last modified on Monday, 28 May 2018 09:58
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362