ඒ, කඩුලු 08කින් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදවමිනි.
තරඟයේ කාසියේ වාසිය දිනු චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 178 ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිතිකරුවන් මෙම ඉලක්කය පසුකළේ කඩුලු 02 ක් පමණක් දැවී සිටියදීය.
චෙන්නායි සුපර් කිංග්ස් හි ආරම්භක පිතිකරු ෂේන් වොට්සන්, හතරේ පහර 11ක් සහ දැවැන්ත හයේ පහර 08ක් ඇතුළත්ව නොදැවී ලකුණු 117 ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා යොමුකළේය. ඔහු තරගයේ වීරයා ලෙස ද නම් විය.
තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට සමස්ථ තරඟාවලි තුල ලකුණු 735ක් රැස්කළ හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සමත්වූ අතර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුණේ තරඟාවලි තුල කඩුලු 24ක් බිඳ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ඇන්ඩෘ ටේ.
මීට කළින් චෙන්නායි සුපර් කිංග්ස් පිළ විසින් ඉන්දීය ප්රමුඛ ලීග් තරගාවලියේ ජයග්‍රහණය ලබාගත්තේ වසර 2010 හා 2011 දි ය.
තෙවැනි වරටත් ඉන්දීය ප්රමුඛ ලීග් තරගාවලිය දිනාගැනීමට මහේන්ද්‍ර සිං දෝනි ගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිළ ඊයේ (27) සමත් විය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362