ඔහු සම්බන්ධයෙන් පැවති පරීක්ෂණ වාර්තාව අධ්‍යයන කරන තෙක් ඉහත තරගාවලියට සහභාගීවන කණ්ඩායමට ද අවසර ලබා දී නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ක්‍රීඩා සංගම් රැසක පරිපාලන දුර්වලතා වාර්තා වී ඇති පසුබිමක, අමාත්‍යංශය පාර්ශවයෙන් සෘජු තීන්දු තීරණ ගැනීමේ කාලය එළඹ ඇති බව ද ලේකම් වරයා පැවසීය.
මෙම පත්කිරීම හා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් තමා වෙත ලැබී ඇති බවත්, එය අධ්‍යනය කිරීමෙන් පසුව සැමට පූර්වාදර්ශයක් වන තීරණයකට එළඹීමට සූදානම් බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අද පැවැති මාධ්‍ය හමුවක දී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ද රටේ ක්‍රීඩාවේ ආනගතය ගැන සලකා බලා තීරණයක් ගන්නා බව ප්‍රකාශ කළේ.
අදාල වාර්තාවේ අඩංගු කරුණු අද දිනය තුළ සමාලෝචනයකට ලක් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලය පවරන බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් ඉහත පුද්ගලයා වෙත එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන නමුත්, මේ දක්වා එවැනි තත්ත්වයක් දක්නට නොමැති වීම මත ක්‍රීඩා අමාත්‍යංශය මගින් පිරීක්ෂණයක් සිදුකළ අතර එහි වාර්තාව පසුගිය බදාදා අමත්‍යංශ ලේකම්වරයාට හා අධ්යක්ෂ ජනරාල්වරයාට යොමුකර තිබේ.
එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු 35 දෙනෙකුගෙන් සාක්ෂි විමසා සටහන් ලබාගෙන තිබේ.
"මම ඒ සම්බන්ධයෙන් නැවත වරක් සොයල බලල රටට සුභදායී තීරණයක් ගන්නව. මලල ක්‍රීඩාවට සංගමයක් තියනව. කලමණාකරු පත් කිරීම වැරදි තීන්දුවක් නම් මැනේජර්ට විරුද්ධව නෙවෙයි සංගමයට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. සංගමයෙන් හරිදෙයක් වෙන්නෙ නැත්තන් සංගමයට විරුද්ධව අපි තීන්දු තීරණ ගත යුතුයි. මම අද මගේ ලේකම් තුමාත් ගෙනල්ල රටට සුභදායී තීන්දුවක් ගන්නම්." - ක්‍රීඩා අමාත්‍යවරයා
මෙවන් වටපිටාවක නැවතත් ඉහත සඳහන් කළ කලමනාකරු නැවතත්, කණිෂ්ඨ කණ්ඩායමේ කලමණාකරු ලෙස පත් කර ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට යැවීම හේතුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන්ගේ ද අප්‍රසාදය පලවී තිබේ.
ශ්‍රී ලංකාවේ දී පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කලමණාකරුලෙස කටයුතු කළ අනිල් වීරසිංහ එහිදී තම සේවය පැහැර හරිමින් අත්තනෝමතික ලෙස කටයුතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ චිත්තධෛර්යය හීන කරමින් කටයුතු කළ බවට චෝදනා එල්ල විය.
එසේම මින් ඉහත දී ද කණිෂ්ඨ කණ්ඩායම් වල කලමණාකරු ලෙස කටයුතු කරමින් අත්තනෝමතිකව ක්‍රියා කර ඇති මොහු සම්බන්ධයෙන් සමන් අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යංශය මගිනි.
ඒ අනුව පසුගය කාල පරාසය තුර අනිල් වීරසිංහ ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු විමසා බලා සකස් කළ සම්පූර්ණ වාර්තාවක් ලෙස ඉහත වාර්තාව සඳහන් වේ.
ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේ ගිෆූ හිදී ලබන මස 7 වැනි දා සිට 10 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතවේ.
ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ කලමණාකරු අනිල් වීරසිංහ නමැත්තාට ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවීමට මේ දක්වා අවසර ලබා දී නොමැති බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් එච්. ටී.කමල් පද්මසිරි මහතා පවසයි.
Last modified on Wednesday, 30 May 2018 06:57
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362