Sathosa

May 29, 2018

ප්‍රමෝ කී තරග පාවාදීමත් අල්ජසීරා යයි ? Featured

ක්‍රිකට් තරග මුදලට පාවාදීම ගැන තවත් ලාංකික ක්‍රීඩකයකු සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය හෙළිදරව්වක් කිරීමට සූදානම් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, මේ වසරේ මුල පැවැති සිම්බාබ්වේ සංචාරයේදී ද තරග පවාදීමක් සිදුවූයේ දැයි සැකයක් මතුවන කාරණා පසුගිය දිනවල වාර්තා විය.

මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක හා තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හිරු රූපවාහිනය නාලිකාවට මෙලෙස අදහස් පලකර තිබිණි. ( වීඩියෝ අනුග්‍රහය හිරු රූපවාහිනිය)


මේ අතර, මුදලට ක්‍රිකට් තණතීරු වෙනස් කිරීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය කළ අනාවරණය පිළිබඳව චෝදනා එල්ලවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු මේවන විට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

අල්ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේශනය කරමින්, සිදු කළ අනාවරණයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිඳු මෙන්ඩිස්ට මුදලට ක්‍රිකට් තනතීරු වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත.

එහිදී අනාවරණ කළේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග ද මෙම ගනුදෙනු සම්න්ධයෙන් සාකච්ඡා කළ බවය.

මම ලීගල් ඇක්ෂන් ගන්නවා -  දිල්හාර ලොකුහෙට්ටිගේ
DIlhara
"මම ජාත්‍යන්තර ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් ඉන්ටර්නැෂනල් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් මොකද ක්‍රීඩා කරන කාලෙදීවත් මට කිසිම චෝදනාවක් තිබ්බේ නෑ ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව නවත්තලා මගේ දරුපවුලත් එක්ක මෙහාට ඇවිල්ලා ඉන්නේ නිදහසේ ජීවත් වෙන්න දැන් මේ වෙනකොට මේ වගේ දෙයක් ඒගොල්ලෝ මගේ මොකද මගේ ක්‍රිකට්වලටයි මගේ නමටයි මගේ ඉමේජ් එකටයි එච්චර ඔය කරන දේ හොඳ නෑ මොකද මගේ ගාව එවිඩන්ස් තියෙනවා ඩොක්ටස්ලා දුන්න අනිත් එක මට ක්‍රිකට් ගහන්න බෑ ඒ ඔක්කොම මගේ ගාව තියෙනවා මම අනිවාර්යෙන් ඒ ගොල්ලන්ට විරුද්ධව ලීගල් ඇක්ෂන් එකක් ගන්නවා. ඕනේ වෙලාවක මම ලෑස්තී මොකද මම ලංකාවට ක්‍රීඩා කරපු පරණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් රටට අපකීර්තියක් කරන්නට කැමති නෑ"

මම මේකට අල්ජසීරාටත් උත්තරයක් යැව්වා -   චෝදනා එල්ලවන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන්ත කුලතුංග
94374
“ මේක වෙලා අවුරුද්කට විතර කිට්ටුයි දැන් අපි හම්බ වෙච්ච දවස. මගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න ඕනේ මං මේකට. ඒකට ඕනෑම් වෙලාවක සූදානම් කියලා මම මාධ්‍ය නිවේදනයක් දීලා තියෙනවා විද්‍යුත් තැපෑලෙන් මම අල්ජසීරා ආයතනයටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් දැනුම් දීලා තියෙනවා. අපි පොඩ්ඩක් ඉවසලා ඉන්න ඔනේ ඉතින් එක පාරටම අපිට මේකට පිළිතුරු ලැබෙන්නේ නැහැ. අවස්ථාව ආවාම ඕනෑම අවස්ථාවක මම කියලා තියෙනවා මම ඉදිරිපත් වෙලා මගේ නිර්දෝෂි භාවය ඔප්පු කරන්න ඉදිරියට එන්න කැමති කියලා”

 සූරියවැව සිද්ධිය -  ලසිත් මාලිංග

LasithMalinga 670px 09 02 17

“ පසුගිය තරග සංචාර කිහිපයේ දී අපි තණතීරුවට ගියහම අපි තණතීරුවට කියනව රයිට් අපිට මේ වගේ තණකොළ තියල දෙන්න. තණතීරුවට ගිහිල්ල තණතීරුවෙන් අඩි දෙකක් එහාට අනික් පැත්තට එනකොට තණකොළ කපනව. තණකොළ කපලා කියනව බ්ලේඩ් එක වැරදුනා කියල. මං දන්නෙනැ මොනවද උනේ කියන එක එක පාරක් නෙමෙයි දෙපාරක් මේක වෙලා තියෙනවා. උදේ පාන්දර තමයි දැන ගන්නේ ඇයි මේ තණකොළ කපලා තියෙන්නෙ කියල.
හිටපු ක්‍රීඩා අමාත්‍ය, දයාසිරි ජයසේකර,

දැන් ඇත්තටම මෙතෙන තියෙන්නේ දැන් ඉස්සර තිබුනේ මැච් ෆික්සිං. දැන් තියෙන්නේ පිච් ෆික්සිං. ඉතිං පිච් ෆික්සිං කියන්නේ දෙකක්. මැච් ෆික්සිං සහ පිච් ෆික්සිං කියන්නේ. මැච් ෆික්සිං කියන එක ගත්තාම ඒක ක්‍රීඩකයෝ විසින් කරන දෙයක්. දැන් මෙතෙන පිච් ෆික්සිං කියන එක අරගෙන තියෙන්නේ පිච් එක හදන පුද්ගලයා. තණතීරුව හදන පුද්ගලයා තමයි අර ටීම් එකට ඕන තණතීරුව මේ ටීම් එකට ඕන තණතීරුව කියලා ඔය චෝදනාව ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේකෙදි බොහොම පැහැදිලිව ක්‍රිකට් ක්‍රීඩකයින්ට අත දික්කරන්න ඇඟිල්ල දික් කරන්න බැහැයි කියලා තමයි මං විශ්වාස කරන්නේ. පැහැදිලිව මේ තණතීරු හදන අයට එරෙහිව ඒ කටයුත්ත අනිවාර්යයෙන් කළ යුතුයි.”

හැළඹගේ ඝාතනයේ කොනක් පිච්ෆික්සින්වල !

මුදලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා සිය අනාවරණය කළේ 2016 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරවාරයේ ඇති වූ සිදුවිම් කිහිපයක් මුල්කර ගනිමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ කළමනාකරු ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රි දබරේරා මහතා මෙම තරගයට පෙර 2016 වසරේ පෙබරවාරි 3 වන දා එවක ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් ප්‍රේමසිරි හැලඹගේ මහතාට යැවූ මේ ලිපියෙන් තව ත් කරුණු අනාවරණය වේ.

අභ්‍යන්තර මෙමෝපතක් ලෙස යවා තිබූ මෙම ලිපියේ සඳහන්ව තිබුනේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාර්යය මණ්ඩලය සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරන ලෙසයි.

එම 15 දෙනා අතර මේවනවිට මුදලට තණතිලි වෙනස් කිරීමේ චෝදනා එල්ලවී ඇති තරිඳු ඉන්දිකගේ නම ද සඳහන් වේ.

ඔහු පළමුවරට ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස පත්කරන ලෙස දන්වා තිබුනේ මේ ලිපියෙනි.

ගොඩ්ෆ්‍රි දබරේරා මහතාගේ ලිපියට පිළිතුරු යවමින් හැලඹගේ ප්‍රේමසිරි මහතා දන්වා තිබුනේ දැනට සිටින කාර්යය මණ්ඩලය වසර 15 කට අධික අත්දැකීම් ඇති අය බැවින් ඔවුන් ඉවත් කර අලුත් කණ්ඩායම පත්නොකරන ලෙසයි.

ඒ වනවිටත් ජයනන්ද වර්ණවීර මහතාට එල්ලවී තිබූ තරග පාවාදිමේ චෝදනා නිසා ගාල්ල ක්‍රීඩාංගණයේ කීර්ති නාමයට හානිවී ඇති බැවින් මේ පිළිබඳව සලකා බලන ලෙස හැලඹගේ ප්‍රේමසිරි මහතා 2016 පෙබරවාරි 25 වන දා දබරේරා මහතාට දැනුම් දී තිබුණි.

එහෙත් මෙම ඉල්ලීම නොසලකා හරිමින් එම වසරේ පෙබරවාරි 29 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකගේ අත්සනින් නිකුත්කළ ලිපියක් මගින් ගොඩ්ෆ්‍රි දබරේරා මහතා මුලින් නම්කල 15 දෙනා අදාළ තනතුරුවලට පත් කළහ.

එම පත්කිරීම් සිදුකළ ලිපියේ සඳහන් වන්නේ, ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා පිටිය සැකසීමට සමගාමීව මෙම පත්කිරීම් සිදුකළ යුතු බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන්වී දින කිහිපයකින් එනම් 2016 අගෝස්තු මාසයේ 12 වන දා පස්වරුවේ හැළඹගේ ප්‍රේමසිරි මහතා සිය පුත්‍රයා සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top