Sathosa

May 30, 2018

ක්‍රිකට් ආයතනය කොදෙව් ගිය මාධ්‍යවේදීන්ට අල්ලස් දීලා ? Featured

අද (30) ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත පුහුණු තුන්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ තරග ආරම්භවීමට නියමිතය.

මේ සංචාරය ආවරණය කිරීම සඳහා පුවත්පත් මාධ්‍යවේදීන් සිවුදෙනෙකුට එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 2ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් කේෂත්‍රයේ කසුකුසුවක් ඇතිව තිබේ.

මෙසේ මුදල් ලබාදී ඇත්තේ සිංහල පුවත්පත් තුනක හා එක් ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදීන් සිවුදෙනෙකුටය. ඔවුන් අතර ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට අයත්යයි පැවසෙන පුවත්පතේ මාධ්‍යවේදියකුද සිටින බව වාර්තා වේ.

අදාළ මාධ්‍යවේදීන් ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහකත්වය ලබා ගැනීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සහයෙන් පිහිටුවාගන්නා ලද ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයාගේ අත්සනින් යුත් අනුග්‍රාහකත්වය ඉල්ලීමේ ලිපියක් ලබාදී ඇති බවද පැවසේ.

එම සංගමයේ ලේකම්වරයා ද මේ සංචාරයට එක්වන බව වාර්තා වේ.

ක්‍රිකට් ආයතනයේ ඇති විවිධ අක්‍රමිකතා යටපත්කර ගැනීමට මෙය ක්‍රිකට් ආයතනයෙන් ලබාදුන් අල්ලසක් බව පැවසූ වත්මන් පරිපාලනයට විරුද්ධ පිරිසක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් කරණ බවයි.

ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජුනි මස 6 සිට 10 වැනිදා දක්වා ට්‍රිනිඩෑඩ් හි කුවින්ස් පාක් ඕවල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

තරගාවලියේ දෙවැනි තරගය එනම් සාන්ත ලුසියා හි පැවැත්වෙන තරගය දිවා/රාත්‍රි තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

අද පැවැත්වෙන පුහුණු තුන්දින තරගයට නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජිලෝ මැතිව්ස්, අකිල ධනංජය,
නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, ළහිරු ගමගේ, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, කසුන් රාජිත, රොෂේන් සිල්වා, මහේල උඩවත්ත, ජෙෆ්රි වැන්ඩර්සේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top