Sathosa

May 31, 2018

පිච්ෆික්සින් කට්ටිය දයාසිරි වෙනුවෙනුත් මැච් ගහලා ! Featured

අල්ජසීරා නාලිකාව විසින් මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  චෝදනා එල්ලකරන ලද තරිඳු මෙන්ඩිස් හා ජීවන්ත කුලතුංග හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ආරම්භකරන ලද හෙට්ටිපොල ක්‍රිකට් ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කර ඇතැයි වාර්තා වේ.

එම ක්‍රීඩා සමාජය මෙවර තෙවැනි කොටසේ තරගවඳිමින් එහි ශූරයන් බවට පත්ව ඇති බවද වාර්තා වේ.

තරිඳු හා ජීවන්ත මෙම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද ක්‍රීඩා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති උල්ලංඝනය කරමිනි.

ඒ ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන අතර එලෙස පුහුණුකරුවන් ලෙස කටයුතු කරද්දී ක්‍රිකට් ආයතනය විසින් පවත්වන තරගාවලිවලට ක්‍රීඩා කිරීමට හැකියාවක් නොවේ.

තරිදු මෙන්ඩිස්  දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසත්,  ජීවන්ත කුලතුං පළාත් පුහුණුකරුවකු ලෙසත් කටයුතු කරනු ලබයි.

මේ අතර, 19න් පහළ ක්‍රිකට් සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය දයාසිරි මහතාගේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර ඇති බව මේවන විට හෙළිව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top