ඔහු බෙන් ලුකොම්න්ට් නම් 51 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකි. වෘත්තියෙන් දිගුදුර පිහිනුම් ක්‍රීඩකයෙකු වන මොහු මේ වන විට ඇමෙරිකාවේ ජීවත් වෙයි. වසර 1998දී බෙන්, අත්ලන්තික් සාගරය හරහා පිහිනූ පළමු මිනිසා බවට ද පත්විය.
ඔහු ජපානයේ තෝක්යෝ අගනුවර සිට ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර අතර කි.මී. 9,000ක දුරක් පිහිනීමට නියමිතය. ඔහු, දිනකට පැය 8ක් පමණ පිහිනීමට නියමිත අතර, ඔහුගේ ඉලක්කය සපුරාගැනීම සඳහා සයමසක් පමණ ගතවනු ඇතැයි පැවසේ.
ඊට අමතරව ඔහු හමුවේ මෝරුන්, කුණාටු, ජල්ලි මසුන් (jellyfish) හා ඉතා අඩු ජල උෂ්ණත්වයන් වැනි තර්ජන රැසක් පවතියි.
බෙන් ගේ ගමන අතරතුර, විද්‍යාඥයන් පිරිසක් විසින් ප්ලාස්ටික කසල, අධික ව්‍යායාම හේතුවෙන් හෘදවස්තුවට ඇති බලපෑම හා ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුර විසින් සාගරයට ඇතිවී තිබෙන බලපෑම ඇතුළු පර්යේෂණ කිහිපයක් පවත්වනු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.