ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක - ඇෂ්ලි ද සිල්වා හට ඔහුගේ වැටුපෙන් 40% ක වැටුප් වර්ධනයක් ද එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - ජෙරොම් ජයරත්න හට සිය වැටුපෙන් 15% ක වැටුප් වර්ධනයක් ද මේ අයුරින් ලැබී ඇත.
කෙසේවුවද, පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් හි කිසිඳු සේවකයින්ට වැටුප් වර්ධක ලැබී නැති බව ද පැවසේ.
මේ පිළිබඳව වාර්තා කරන ‘ක්‍රිකට් ඒජ්’ වෙබ්අඩවිය සඳහන් කර සිටින්නේ මෙම වැටුප් වර්ධක ලබා දී ඇත්තේ නිසි ක්‍රියාපටිපාටියකින් තොරව බවයි.
‘ක්‍රිකට් ඒජ්’ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි වැටුප් වර්ධක ලබාදීමට පෙර අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් විධායක කමිටුව හා සකච්ඡා කළ යුතු බවට එම ආයතනයේ ව්‍යවස්ථාවේ සඳහන් වී තිබුණද, ඇෂ්ලි සහ ජෙරෝම්ගේ වැටුප් වර්ධක සම්බන්ධයෙන් එවැන්නක් සිදුවී නැති බවයි.
සුමතිපාල මහතාගේ මෙම අත්තනෝමතික තීරණය, ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඇතැම් විධායක කමිටු සාමාජිකයන් ගේ විවේචනයට ලක්ව ඇති බවද වාර්තා වේ.