Sathosa

Jun 08, 2018

ටෙන්ඩුල්කාර් ලබන මාසයේ ලංකාවට

ඉන්දියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් මේදින වල පසුවන්නේ ඉතා සතුටෙනි.

මෙම සතුටට හේතුව වන්නේ ඔහුගේ පුත් - අර්ජුන්.

අර්ජුන් මේ වන විට ඉන්දියාවේ අවුරුදු 19 න් පහළ කණ්ඩායමට තේරී පත්වී තිබෙන අතර ඔහු, ලබන මාසයේදී පැවැත්වීමට නියමිත අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා සංචාරය සඳහා ද එක්වීමට නියමිතය. මෙම තරගාවලියට සිවු දින තරග දෙකක් ඇතුළත් වේ.

සිය පියා ලෝක පූජිත පිතිකරුවෙකු වුවත්, අර්ජුන් දස්කම් දක්වන්නේ පිත්තෙන් නොව පන්දුවෙනි. ඔහු වේග පන්දු යවන්නෙකු ලෙස සිය හැකියාවන් පෙන්වමින් සිටියි.

සිය පුත්‍රයා අවුරුදු 19 න් පහළ තේරීම සම්බන්ධයෙන් මේ වන විට ලන්ඩනයේ සිටින සචින්, මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කර තිබුණේ හදපිරි සතුටෙනි.

"අර්ජුන්ගේ තේරීම ගැන අපට සතුටුයි. මේ ඔහුගේ ක්‍රිකට් දිවියේ වැදගත් සන්ධිස්ථානයකි. අංජලීත් මමත් හැමදාමත් අර්ජුන්ගේ තීන්දු තීරණ වලට සහයෝගය ලබාදෙන අතර ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා,” යයි සචින් පැවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top