වයස 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා පත් කිරීම තිලංග ගේ අවසන් විධායක කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීන්දුවක් බව පැවසේ.
ඒ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතා නිසි බලධාරීයා ලෙස පත්ව පසුගිය පාලනයේ කටයුතු ඉදිරියට ගෙන යන බවට මේවන විට චෝදනා එල්ලවී තිබේ.
අතුරු කමිටුවක් එනවා - නීති විශාරදයෝ !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මෙම මස අග වනවිට අතුරු කමිටුවක් පත්කිරීමට සිදුවනු ඇතැයි නීති විශාරද මතය වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අදාළව අභියාචනා අධිකරණයේ නඩුව ලබන බ්‍රහස්පතින්දා නැවත විභාගයට ගැනීමට නියමිතය.
නිලවරණය සම්බන්ධයෙන් අධිකරණය ලබන බ්‍රහස්පතින්දා ලබාදෙන නියෝගය මත අතුරු කමිටුවක් පත්කිරීම සහ නොකිරීම තීරණය වනු ඇති බවට බොහෝ දෙනා ඉඟි මේවන විට ඉඟි පලකර තිබේ.
අතුරු කමිටු පත්කිරීමට තමන්ට බලයක් නොමැති බවට ජනාධිපති නීතිඥයකු වන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසුවද ක්‍රීඩා නීතිය පිළිබඳව දැනුමැත්තන් පවසන්නේ ඒ සඳහා ඕනෑතරම් නීති ප්‍රතිපාදන ඇති බවයි.
“මම ක්‍රීඩාව ගැන මුකුත් දන්නේ නෑ. නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්නේ” යැයි පැවසීම නිදහසට කරුණක් නොවන බව ක්‍රිකට් ප්රවීනයෝ කියති
ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට එක නීතියකුත් ක්‍රිකට් ක්‍රීඩාවට එක නීතියකුත් තිබිය නොහැක. දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිවරයාට එක නීතියකුත් ෆයිසර් මුස්තාපා ක්‍රීඩා අමාත්‍යවරයාට එක නීතියකුත් තිබිය නොහැක. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතා නිසි බලධාරියා ලෙස පසුගිය සතියේ පත්කරන ලදී. අතුරු කමිටුවක් පත්කිරීමකින් තොරව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කිරීම පිළිබඳව ඇතැම්හු ක්‍රීඩා අමාත්‍යවරයාට චෝදනා කරති.
ක්‍රිකට් ක්‍රීඩාව, ක්‍රිකට් පරිපාලනය සහ පසුගිය ක්‍රිකට් පරිපාලනය පිළිබඳව අවබෝධයක් ඇති පිරිසක් මේ අවස්ථාවේදී පත්කළ යුතු බව ක්‍රිකට් විචාරක මතය වී තිබේ.