කොළඹ රාජකීය විදුහල් ක්රීඩා සංකීර්ණ පිටියේදී ඊයේ (09) තරගය පැවැත්විණි. තරගයේ පළමු භාගය නිමාවූයේ ලකුණු 12-03 ක් ලෙසින් රාජකීය විදුහල ඉදිරියෙන් සිටිමිනි.
ජයග්රාහි රාජකීය විදුහල ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 3 ක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර ගෝල දිනුමක් හා දඩුවම් පහර දෙකක් මගින් ශා. පීතර ලකුණු පුවරුව ක්රියාත්මක විය.
මේ සමගින් මෙවර තරගාවලිය අපරාජිතව නිමා කිරීමට රාජකීය විදුහල සමත් වු අතර ඔවුන් අවසන් වරට 2015 වර්ෂයේදීද අපරාජිතව මෙම ලීග් ශූරතාව හිමිකර ගත්හ.
(අද)