Jun 11, 2018

ක්‍රිකට් ආයතනය මාධ්‍යවේදීන් 2කට කෝටියක් දීලා Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය පරිපාලනය විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට හා තාක්ෂණික නිලධාරියකුට රුපියල් කෝටියක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ.
මෙසේ මුදල් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයේ යෙදී සිටියදී දූෂණ හේතූන් මත ඉන් ඉවත් කළ මාධ්‍යවේදියකු ට හා තවත් මාධ්‍යවේදියකුටය.
 
අනෙක් තාක්ෂණික නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයකු ලෙස කටයුතු කරන්නෙකු බව පැවසේ.
 
මාධ්‍යවේදීන් දෙදෙනා සෘජු ලෙස ක්‍රිකට් ආයතනයට සම්බන්ධ නැති බවද මේ අතර වාර්තා වේ.
 
මේ මුදල ලබාදී ඇත්තේ පසුගිය දා ඩුබායි හි පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හා පාකිස්තානු ක්‍රිකට් පිල අතර එක්දින තරගාවලියට හා ලාහෝර් හි පැවැති දෙරට අතර පන්දුවාර විස්සයි - 20 තරගය සඳහා බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top