Sathosa

Jun 12, 2018

පාපන්දු සැනකෙළියට ලංකාවේ දිනුක - අයාන් මොස්කව් යයි! (ඡායා)

පසුගිය 08දා ආරම්භ වූ ‘ෆුට්බෝල් ෆෝ ෆ්‍රෙන්ඩ්ෂිප්’ (Football for Friendship) හෙවත් F4F නම් සමාජ වැඩසටහන වෙනුවෙන් 12 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවන් දෙදෙනෙකු මේ වන විට මොස්කව් නුවරට ගොස් සිටියි.

ඒ, දිනුක බණ්ඩාර හා අයාන් සදාත් ය.

නුගේගොඩ සාන්ත ජෝෂප් විදුහලේ දිනුක බණ්ඩාර රටවල් 32ක ක්‍රීඩකයන් අතුරින් ‘ගෝල් කීපර්’ ස්ථානයේ ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබාසිටින අතර ‘ලයන්ස්’ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට එක්වේ. ඔහු ක්‍රීඩා කරන ලයන්ස් පාපන්දු කණ්ඩායමට දකුණු අප්‍රිකා, චිලී, බහරේන්, සිංගප්පූරුව, ආමේනියා යන රටවල ක්‍රීඩකයෝ එක්ව සිටිති.

කොළඹ රාජකීය විදුහලේ 8වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහොමඩ් අයාන් සදාත් මොස්කව් නුවර බලා පිටත්ව ගියේ ළමා මාධ්‍යවේදියකු ලෙස සහභාගීවීමටය. ඔහු මොස්කව් නුවර ලෝක යොවුන් මිත්‍රත්ව පාපන්දු තරගාවලියේ මාධ්‍ය කුටියේ කටයුතුවලට එක්වේ. F4F වැඩසටහනේ සාරධර්ම 09ක් (මිත්‍රත්වය, සමානාත්මතාව, සාධාරණත්වය, සෞඛ්‍ය, සාමය, ලැදියාව, ජයග්‍රහණය, සම්ප්‍රදායන් සහ ගෞරවය) පිළිබඳවද ඔහු ජනතාව දැනුවත් කරනු ඇත.

දිනුක වයස 6දී වැල්ලවත්ත කුරේ ක්‍රීඩා පිටියෙන් පාපන්දු ක්‍රීඩාවට පිවිසි අතර අයාන් සදාත් වයස අවුරුදු 7දී පාපන්දු ක්‍රීඩාවට එක්වූවේය. මේ දෙනොම දැනට මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමිය යටතේ පුහුණු වෙමින් සිටිති.

සබැඳි පුවත් :
රැසියාවේ පාපන්දු පෙරලියකට යන ලංකාවේ කොළු පැටව් !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top