Jun 13, 2018

මැතිවුස්, ළහිරු යළි ලංකාවට!

මේ දින වල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ නිරතවී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු අද (13) දිනයේදී යළි ලංකාවට පැමිණීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ මෙන්ම පෞද්ගලික හේතුවෙන් මත තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද ලංකාවට යළි පැමිණෙන බවයි.

ඔවුන් වෙනුවට ධනුෂ්ක ගුණතිලක සහ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක අද දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරඟය හෙට (14) ආරම්භ වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top