9 හැවිරිදි වමත් පිතිකරුවකු වන සන්තුල්, සනත් ජයසූරිය ඇකඩමිය වෙනුවෙන් තරඟයකදී ශතකයක් ලබාගත් ලාබාලතම ක්‍රීඩකයා බවට පතුවුයේ තම ඉනිමට අලංකාර හතරේ පහර 16ක්ද එක්කර ගනිමින්. කොළඹ නාලන්දා විද්‍යාලීය ශිෂ්‍යයකු වන සන්තුල් ශතකයට අමතරව පන්දු යවමින් කඩුලු 3ක් දවාගැනීමටද සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් කෝල්ට්ස් වයස 12න් පහල කණ්ඩායම සිය පන්දුවාර 30 අවසානයේ ලකුණු 133 ක් ලබාගත් අතර සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමිය මෙම ලකුණු සීමාව පසු කළේ කඩුලු හතරක් පමණක් දැවීයද්දී වීම ද විශේෂත්වයකි. මෙම තරගයේදී කෝල්ට්ස් ඉනිම වෙනුවෙන් අරෝෂ ලකුණු 39ක්ද , නිහඳු ලකුණු 32ක්ද ලබාගත්හ.
සනත් ජයසූරිය ඇකඩමිය වෙනුවෙන් සන්තුල් හා සන්දුල් කඩුලු 3 බැගින්ද, රචින්ත කඩුලු 2ක් ද, දිමත් හා ලෙලුම් එක් කඩුල්ල බැගින්ද දවා ගත්හ.
සනත් ජයසූරිය පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් සන්තුල් සමග පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සම්බන්ධතාවයක් පැවත්වූ රචින්ත ද සිල්වා ලකුණු 24ක් ලබාගත්තේය. කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් හිමන්ත කඩුලු 2ක් දවාගනු ලැබීය.