Dec 16, 2016

පසුගිය වසරේ ප්‍රගතිය ගැන සතුටුයි

පසුගිය වසර තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රගතිය පිළිබඳ සතුටු වන බව මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පවසයි.

ඊයේ (15) දිනයේදී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙසේ පවසා සිටියේය.

ඊයේ පස්වරු ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා අද ක්‍රිකට් ආයතනයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේ වැඩ කටයුතු සොයා බැලිමට නියමිතය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භ කර ඇති කෙටි කාලීන හා දිගුකාලීන ව්‍යාපෘතීන් පිළිබඳව අධ්‍යයනය කිරීම ඔහුගේ සංචාරයේ අරමුණ වී තිබේ.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සංශෝධන පිළිබඳ ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමග අද සාකච්ඡා කිරීමට නියමිත අතර ඉදිරි සැලසුම් සම්බන්ධව ද මෙහි දී අවධානය යොමු කරනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

අද ඇරැඹෙන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ නේපාලය අතර පැවැත්වෙන තරගය නැරැඹීමට ද රිචඩ්සන් මහතා එක්වනු ඇත.

(මූලාශ්‍රය : දිනමිණ)

z p16 Sri Lanka

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top