2018 – UNIQLO රෝදපුටු ටෙනිස් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ලාන්ස් බොම්බඩි ඩි.ඒ.එස්.ආර් ධර්මසේන සහ ගජබා රෙජිමේන්තුවේ කෝප්රල් ආර්.ඒ.එල්.එස් රණවීර පළමු වටයේ ලකුණූ 7 – 5 සහ දෙවන වටයේ ලකුණු 6 – 3 ක් ලෙස ලබාගනිමින් ‘කෞෂුං’ (Kaohsiung) ගෞරව නාමය ලබාගැනීමට සෙනසුරාදා (09) දින සමත් විය.
අර්ධ අවසානවටයේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ලාන්ස් බොම්බඩි ඩි.ඒ.එස්.ආර් ධර්මසේන හිටපු ලෝක ශුර ෆුජිමොටෝ සමඟ තරඟවැද කේවල අනුශුරතාවය හිමිකරගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් තායිපේ ටෙනිස් තරඟාවලියේ දී එවැනි දක්ෂතාවයක් දැක්වු පළමු අවස්ථාව ද ජාත්‍යන්තර තරඟයක දී දක්ෂතා දක්වු ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
තායිපේ හි පැවති මෙම තරඟාවලිය සඳහා විවිධ රටවලින් රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ කළමනාකරුවන් සිය ගණනකට අධික පිරිසක් සහභාගි වූහ.
UNIQLO රෝද පුටු ටෙනිස් සංචාරය සඳහා රටවල් 40 කට අධික ප්‍රමාණයක් සහභාගි වෙයි. එමෙන්ම, තරඟ ඉසව්වන් 160 කට වඩා වැඩි ප්‍රමාණයක් සමන්විත වන අතර මෙහිදි ඩොලර් මිලියන 2.5 කට අධික මුදල් ප්‍රමාණයක් කණ්ඩායම් සහ ක්‍රීඩකයන් සඳහා ලබාදෙයි.
(ඡායා : defence.lk)