Sathosa

Jun 15, 2018

ක්‍රිකට් ගොඩදාන්න කැමතිවුණත් දැන් බැරි බව රොෂාන් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ දිනයේදී (14) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානම ද අදහස් දක්වා තිබුණි.

“කමිටුවක් පිහිටුවා ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති දැවෙන ගැටළු සඳහා නිසි පිළිතුරු සොයමින් ඒවා නිරාකරණය කර ගැනීමට කටයුතු කළ යුතු බව මගේ දැඩි විශ්වාසයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ සියළු ගණුදෙනු වලදී පූර්ණ අවංකභාවය, විනිවිදභාවය හා පිළිගත් සම්මතයන් හා භාවිතයන්ට අනුකූලව කටයුතු කිරීම අතිශයින් වැදගත්,” යැයි ඔහු පවසයි.

“මා දැඩිව ආදරය කරන ක්‍රීඩාව හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත නැඟිටුවීම සඳහා නව ප්‍රබෝධමත් සැලැස්මක් ගෙන ඒම සඳහා ඉහළම ප්‍රමුඛතාවයක් හිමිවිය යුතු වේ. මේ සඳහා මා කරුණු කිහිපයක් පෙළගස්වා ඇති අතර, ඉන් කිහිපයක් මීටසති කිහිපයකට පෙර පැවති අපගේ කෙටි රැස්වීමේදී මා විසින් සඳහන් කරනු ලැබුවා.

ඔබගේ ඇරයුම අගය කළද, මෙම ගැටළු නිරාකරණය කරගන්නා තෙක් එම ඇරයුම භාර ගැනීමට නොහැකි බව මා කරුණාවෙන් දන්වා සිටිමි.

මෙම ඇරයුම් භාර නොගැනීම කිසිසේත්ම වැරදි ආකාරයට තේරුම් නොගත යුතු වන අතර, එහි අර්ථය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සහය දීමට මා අකමැති බව නොවේ. ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සහය දීමට මා උපරිම ශක්තියෙන් කටයුතු කරන නමුත්, ඕනෑම මට්ටමකින් සිදුවන දේශපාලන අතපෙවීම්, වංකභාවය හා විනිවිදභාවයෙන් තොරවීම මා විසින් තදින් පිළිකුල් කරනු ලබයි. කිසිවෙකු මෙවැනි දේ මුලිනුපුටා දැමීමට ධනාත්මක පියවරක් ගන්නා තෙක් මා පිළිපදින මූලධර්මවලට අනුකූලව මා විසින් තෝරා ගත් කාර්යභාරය ඉටු කිරීම යෝග්‍ය යැයි සිතමි.

mahanamaletter

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top