Sathosa

Jun 16, 2018

කමිටු වැඩ, කාලය කෑමක් - සංගා

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් සැදුම්ලත් කමිටුවක් හා එක්වන මෙන් තමාට කර ඇති ආරාධනය ප්‍රතික්ෂේප කරන බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව පවසා ඇත.

මීට පෙර, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා මහේල ජයවර්ධන ද මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබුණි.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආරධනය මත තමා මීට සමාන කමිටුවකට මාස 06කට වැඩි කාලයක් එක්වී සිටි බවත්, එහිදී ඔවුන් විසින් ඉදිරිපත් කළ නිර්දේශ කිසිවකට කන්දීමට හෝ ක්‍රියාවට නැංවීමට කටයුතු නොකළ බවත්, එය කාලය නාස්තිකිරීමක් බව සංගක්කාර සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

තමාට හැඟෙන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වනුනේ තාවකාලික පැලැස්තර දැමීම් නොව ස්ථිරසාර වෙනසක් බව සංගක්කාර පවසයි.

අව්‍යාජ ක්‍රීඩකයන් හා පරිපාලයකයන් රැසක් සිටියද දේශපාලන අවශ්‍යතා සඳහා වරින්වර තමන්ව පාවිච්චි කර ඇති බවට ඔවුන්ට හැඟී ගොස් ඇති හේතුවෙන් ඔවුන් සිය අදහස්, කාලය හා මහන්සිය සමග ඉදිරිපත් නොවනු ඇති බව ද ඔහු කියා සිටියි.

කෙසේවෙතත්, ක්‍රීඩා පනතට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන සිදුකිරීම සඳහා අවශ්‍ය අව්‍යාජ චේතනා මෙන්ම ජනපතිවරයාගේ, අගමැතිවරයා ගේ සහය එක්රැස් කරගැනීමට අමාත්‍යවරයා හට හැකිවුවහොත්, ඔහුට තමාගේ මෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍රයේ මෙන්ම ජනතාවගේ සහයද හිමිවනු ඇති බව සංගක්කාර වැඩිදුරටත් සඳහන් කරයි.

කුමාර් සංගක්කාර විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

Sangaletter

සබැඳි පුවත්

ක්‍රිකට් ගොඩදාන්න කැමතිවුණත් දැන් බැරි බව රොෂාන් කියයි

ක්‍රිකට් පජාත වෙනකන් අපිව මතක්වුණේ නෑ - මුරලි

ඕනෙ තව කාලෙ නම් අපිව පාවිච්චි කරන්නෙපා - මහේල

තිලංගගේ තුරුම්පුව බූරුවෙකුට බාල්දු වෙයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top