Sathosa

Jun 17, 2018

ශෙනුකි පිටපිටම තෙවැනිවරටත් දිය පිහිනුම් කිඳුරිය වෙයි ! Featured

කොළඹ බිෂොප් විදයාලයේ ශෙනුකි දිෂල්‍යා සමස්ත ලංකා දිය පිහිනුම් ශූරතාව අඛණ්ඩව පිට පිට තෙවැනි වරටත් දිනාගැනීමට සමත්වූවාය.
ඒ අනුව ඇය වයස අවුරුදු 15න් පහළ හා 17න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරීපත්වීමට ද සමත්ව සිටී.
 
තවමත් 15 හැවිරිදි ඇය 2016 දී සිය ජයග්‍රහී පිම්ම ආම්භකර තිබේ. එම වසරේදී (2016) නැම්බියාවේ පැවැති කනිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියද, තායිලන්තයේ බැංකොක් හි පැවැති ආසියානු කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියට ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූවාය.
 
කෙසේවුවද, සිය දක්ෂතා තවත් වර්ධනය කර ගැනීමට හැකි බවට විශ්වාසය තහවුරු කළ ශෙනුකි ඒ සඳහා දිය පිහිනුම් හා ජිම්නාස්ටික් ක්‍රීඩාවන් සඳහා මෙරට පහසුකම් ජාත්‍යන්තර මට්ටම දක්වා දියුණු වියුයුතු බවත්, මීට වඩා ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගිවිය යුතු බවත් “මිරර් ගේම්ස්" සමඟ කියා සිටියාය.
 
මහින්ද ලියනගේ හා චානක වික්‍රමසිංහ යන මහත්වරු යටතේ දිය පිහිනුම් ක්‍රීඩාව හදාරණ ශෙනුකි ජිම්නාස්ටික් ක්‍රීඩාව තරිඳු පෙරේරා සහ අරුණ ප්‍රශාද් යන මහත්වරු වෙතින් හදාරණු ලබයි.
 
ශෙනුකි වැඩි දුරත් දිය පිහිනුම් ක්‍රීඩාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මේ ක්‍රීඩාව කෙතරම් වෙහෙස මහන්සිවී කළද, මේ සඳහා වන වෛද්‍ය පහසුකම්, හදිස්සි ආපදාවලට රක්ෂණයක් හෝ නොමැති බවත්, එපමණක්ද නොව පළාත් වර්ණ ප්‍රධානයටවත් මේ ක්‍රීඩාව ඇතුළත්න නොමැති බවයි.
 
සිය ක්‍රීඩා දිවියේ දිරියෙන් ඉදිරියට යාමට මව පියා මෙන්ම,  SPMC ආයතනයේ සභාපති සයුරු සෝමසුන්දර මහතාත්, වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියත් විශාල පිටුවහලක් වන බවද ඇය කියා සිටියාය.
 
ඇගේ එකම පැතුම ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කරමින් ලංකාවට රන් පදක්කමක් ගෙනඒමය.
 
20161007 192801
FB IMG 1529053622655
FB IMG 1529053611533
 
 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top