මේ ක්‍රීඩකයන්ට උපදේශකයන් 9 දෙනෙකුගේ උපදෙස් පිළිපැදීමට සිදුවීම මේ අවුලට හේතුව බව පැවසේ.
ඒ රෝයි ඩයස් (ප්‍රධාන පුහුණුකරු), රවීන්ද්‍ර පුෂ්පකුමාර (වේගපන්දු පුහුණුකරු), අජිත් ඒකනායක (දඟපන්දු පුහුණුකරු), හෂාන් තිලකරත්න (පිතිකරු පුහුණුකරු), නෙල්සන් මෙන්ඩිස් (විශේෂ උපදේශක), නික් පෝතස් (පන්දුරැකීමේ පුහුණුකරු), මහින්ද හලංගොඩ (කළමනාකරු), මහින්ද උඩුවරැල්ල (පාසල් නියෝජිත), චන්ද්‍රා රොඩ්රිගෝ (කණ්ඩායම් භාර නිලධාරී) යන පිරිසයි.
ශ්‍රී ලංකාව ඉකුත් නේපාල කණ්ඩායම සමඟ තරගය ජයගනු ලැබුවේද එක් ලකුණකිනි.
එයද අවසන් පන්දුවාරයේදී වන අතර එය පරාජයට පත්වූයේ නම් ශ්‍රී ලංකා පිලට අර්ධ අවසන්පූර්ව වටයට පැමිණීමද, අවදානමකට ලක්වනු ඇති බව ක්‍රිකට් විචාරක මතය වේ.