Sathosa

Jun 21, 2018

චන්දිමාල්ගෙන් අභියාචනයක්

පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල්ට පනවා ඇති තරගයක තහනමට එරෙහිව දිනේෂ් චන්දිමාල් අභියාචනයක් ඉදිරිපත් කරඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කෙදෙව් පිල අතර ශාන්ත ලුසියාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පැණි රස මුසු ඛේටය පන්දුවේ අතුරමින් පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට ශ්‍රී ලංකා ටෙස්ට් නායක චන්දිමාල්ට චෝදනා කෙරිණ.

මෙම චෝදනාව විභාග කිරීමෙන් පසුව තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා විසින් චන්දිමාල්ට ටෙස්ට් තරගයක් තහනම් කරන ලදී.

(ලංකාදීප)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top