Jun 23, 2018

හිටපු ක්‍රිකට් තරු 2ක් හිටපු සභාපතිගෙන් සල්ලි ඉල්ලලා !

වයස අවුරුදු 19න් පහළ ඉදිරි සංචාරයක් සඳහා අයවැය අනුමත කර ගැනීමට ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු ක්‍රිකට් තරු දෙකක් හිටපු සභාපතිවරයකු ගේ නිවසට යාමේ සිද්ධියක් ක්‍රිකට් ආයතනය තුළ මතභේදාත්මක තත්ත්වයක් මතු කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එම ආයතනයේ බලයලත් නිලධාරීයා ලෙස ක්‍රීඩා අමාත්‍ය ලේකම් කමල් පද්මසිරි මහතා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර තිබියදී මේ තත්ත්වය ඇතිවී ඇත.

කෙසේවුවද, අදාළ ක්‍රිකට් තරු දෙක හිටපු සභාපතිවරයාගේ නිවසට ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දීය වයස 19න් පහළ ක්‍රිකට් පිලේ සංචාරය සඳහාය.

මෙසේ ගිය හිටපු ක්‍රිකට් තරු දෙකෙන් කෙනෙකුගේ පත්වීම පැවැති පාලක මණ්ඩලයේ අවසන් විධායක සභාවේදී රාත්‍රී 12.00ට පමණ අනුමත කර ගත් එකක් බවද පැවසේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top