ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති ඔහු අදාල රැස්වීමට සහභාගිවීම දොස්තරලාගේ සාකච්ඡාවකට ඉංජිනේරුවෙක් යැවීමක් වැනි වැඩක් බව නම හෙළිකිරීමට අකමැති වූ හිටපු ටෙස්ට් නායකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
ඩුබායිහිදී අමාත්‍යවරයා සමඟ ගොස් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් මුණ ගැසීමෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් රටයාමේ උන්මාදයක් හට ගැනීම නිසා පත්මසිරි මහතා බල්ලාගේ වැඩේද බාරගෙන කටයුතු කරන බවට ක්‍රිකට් අභ්‍යන්තරයෙන් ද චෝදනා එල්ලවී තිබේ.
ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ධූරය මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද කටයුතු කරමින් සිටින පත්මසිරි මහතා දින දෙකේ වැඩ කටයුත්ත සඳහා දින 5ක කාලයක් අයර්ලන්තයේ රැඳී සිටීමට ද සැලැසුම්කර ඇති බව පැවසේ.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් දිනකට ඇමරිකානු ඩොලර් 350 ක (රුපියල් 56,000 පමණ) දීමනාවක් ලබා ගැනීමට ද නියමිත බව පැවසේ.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා නායක, කළමනාකරු හා පුහුණුකරු වෙත චෝදනා එල්ලවී දඬුවම් නියමවී තිබියදී පත්මසිරි වැනි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ බුද්ධියක් නොමැති අයෙකු එහි යාම ප්‍රයෝගික දැයි මේ අතර ක්‍රිකට් ප්රවීනයෝ ප්‍රශ්නකර සිටී.
මේ අතර, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සාකච්ඡාව සඳහා එක්වීමට ඈෂ්ලි ද සිල්වා මහතා පත්මසිරි මහතා සමඟ අයර්ලන්තයට යාමට නියමිත බව පැවසේ.
(මිරර් ගේම්ස්)