රාත්රී භෝජනයට පෙර දිල්රුවන් පෙරේරා යැවූ 28 වන පන්දුවාරයේ 5 වන පන්දුවේදී පන්දුවට පහර දෙමින් සිටි ශෙනෝන් ග්රේබ්රියල් එල්ල කළ හයේ පහර රැක ගැනීමට යාමේදී හතරේ සීමාව ආසන්නේ තිබූ දැන්වීම් පුවරුවක ගැටීමෙන් ඔහු අනතුරට ලක්විය. ස්කෑන් පරීක්ෂාවක් සඳහා ඔහුව වහාම ගිලන් රථයකින් රෝහලට ගෙන ගොස් තිබුණි.
කුසල් ට බරපතල තුවාල සිදුවී නැති බවට මේ වන විට හෙළිදරව් වී අවසන් නමුත්, පන්දුවට පහරදීමට ඔහුව කැඳවන්නේද යන තීරණය හෙට උදෑසන පවතින තත්ත්වය අනුව සලකා බලන බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමනාකරු - අසංක ගුරුසිංහ මහතා පවසන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කර සිටියි.
සබැඳි පුවත් :