Jun 29, 2018

නෝමෑඩ්ස්ට සල්ලි දුන් ක්‍රිකට් මෑන්ස්ලා !

ක්‍රීඩා පිටියක් හෝ නොමැති නෝමෑඩ්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට යැයි කියමින් තිලංග සුමතිපාල ප්‍රමුඛ පැවැති ක්‍රිකට් විධායක කමිටුව විසින් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදී ඇතැයි වාර්තා වේ.

ඉකුත් මැයි 28 වැනිදා පැවැති විධායක කමිටු රැස්වීමේදී මේ මුදල අනුමත කර තිබේ.

නෝමෑඩ්ස්ට අමතරව කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය හා පීටර්සන් ක්‍රීඩා සමාජයට ද රුපියල් ලක්ෂ 5 බැගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදී ඇති අතර එම ක්‍රීඩා සමාජ තුනම පාලනය වන්නේ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය විසිනි.

මේ මුදල් ලබාදීම සාධාරණීය කරණය කිරීමට අදාළ ක්‍රීඩා සමාජවලට III ඛාණ්ඩයේ හා ගවනර්ස් කුසලාන තරග සඳහා කණ්ඩායම් සහභාගි කරවීමට මේ මුදල් ලබාදෙන බව දක්වා තිබේ.

කෙසේවුවද, කොළඹ පමණක් III ඛාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 200ක් පමණ තිබියදී මේ ක්‍රීඩා සමාජ තුනට පමණක් විශේෂ සැලැකිල්ලක් දැක්වීමට හේතුව මේවන විට හෙළිව තිබේ.

ඒ අදාළ ක්‍රීඩා සමාජ තුනටම ඡන්ද 2 බැගින් තිබීමය. අදාළ ඡන්ද තමන්ට පක්ෂව භාවිතා කර ගැනීමට තිලංග ප්‍රමුඛ කණ්ඩායම මේ ගැටය ගසා ඇති බව ක්‍රිකට් විචාරක මතය වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top