මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ජයන්ත ධර්මදාස, සිදත් වෙත්තමුණි, රියන්සි විජේතිලක, උපාලි ධර්මදාස, හේමක අමරසූරිය, ආනා පුංචිහේවා, අර්ජුන රණතුංග හා විජය මලලසේකර විසිනි.
2016 දී පත්වූණු තිලංග සුමතිපාල මහතා ප්රමුඛ පරිපාලනය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි අක්රිමකතා රැසක් සිදුව ඇති බවත්, ක්‍රීඩාවද බිංදුවට බැස ඇති බවත් පවසන ඔවුන්, මෙම අක්‍රමිකතා පිළිබඳව සොයාබැලීමට හා මෙවැනි ක්‍රියා අනාගතයේදී යළි සිදුවීම වළක්වා ගැනීමට හා ශ්‍රී ලංකා ක්‍රිකට් හි පවතින ව්‍යවස්ථාවට අදාල සංශෝධන ගෙන ඒමට අතුරු කමිටුවක් පත් කරන ලෙසත්, ඉල්ලා සිටියි.
ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.