Jul 02, 2018

හතුරු පොසොන් මහේ නොකියාම ගිහින් ! Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟ කොදෙව් සංචාරයට එක්වූ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි වාර්තා වේ.

ඒ මහතා කොදෙව් දූපත්වලින්ම ඔහු පදිංචිව සිටින ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව පැවසේ.

හතුරුසිංහ මහතා ක්‍රිකට් ආයතනයෙන් මෙතෙක් නිවාඩු ඉල්ලා නැති බවද මේ අතර වාර්තා වන අතර ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම වෙනුවෙන් මසකට සියලු දීමනා ඇතුළත්ව රුපියල් මිලියන 5කට ආසන්න මුදලක් ගෙවන බව පැවසේ.

ඔහු මෙලෙස ඔස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ කොදෙව් සංචාරය අතරතුර තරගයකදී නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව වෙනස් කිරීම සහ පලුදු කිරීමේ චෝදනා එල්ල වූ අවස්ථාවේදී තරග වැදීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහට එරෙහි විනය පරීක්ෂණය ලබන 10දා පැවැත්වීමට නියමිතව තිබියදීය.

SL Cricketක්‍රීඩාංගණයට නොපැමිණීමට ගත් තීරණය වැරදියි - ෆයිසර් (ඡයා - ලක්බිම)
ෆයිසර්ගේ හොරේ !

කොදෙව් සංචාරය අවසන්ව ක්‍රීඩකයන් ලංකාවට පැමිණීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කළමනාකරු හා නායකයා අතුළු පිරිසක් ප්‍රධාන මේසයේ තබාගෙන පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද හතුරුසිංහගේ නොපැමිණීම සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැලැකී සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැතිවරයා එම අවස්ථාවේදී ක්‍රීඩාංගණයට නොපැමිණීමට ගත් තීරණය වැරදි බවද කියා සිටියේය.

අදාළ පරීක්ෂණයේදී චෝදනා එල්ල වී ඇති චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට සමාව දෙන ලෙස අයි.සී.සී.යෙන් ඉල්ලා සිටින බවත්, එම අවස්ථාවේ ශ්‍රී ලංකා පි‍ලේ මානසික තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ක්‍රීඩා ඇමැතිවරයා එහිදී කීය.

කෙසේවුවද, ගුරුසිංහ කියා සිටියේ ලබන 10දා පැවැත්වෙන පරීක්ෂණයේදී එයට ලැබෙන දඬුවම අවම කර ගැනීමට උපරිම උත්සාහ කරන බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top