Sathosa

Jul 03, 2018

ක්‍රිකට් අර්බුදයෙන් ලංකාව කුඩු : ICC සාමාජිකත්වයත් නැති වෙයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මාස හයක් ඇතුළත පැවැත්වීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

එසේ නොමැතිවුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට හිමිව ඇති පූර්ණ සාමාජිකයත්ව සලකා බලන බවත් ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ඩබ්ලින් නුවර පැවැති අයි.සී.සී. 75 වැනි වාර්ෂික සම්මේලනයේදී මේ බව සඳහන් කළ බව අයි.සී.සී. නිවේදනය කරයි.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත්කළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අයි.සී.සී. රැස්වීම්වලදී නිරීක්ෂකයෙක් ලෙස එක්වීමටද අයි.සී.සී.ය අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top